Skip to main content

ඇපල් සමාගමේ නවතම ජංගම දුරකතනය (Iphone 9)

ඇපල් සමාගම තම නවතම දුරකතනය නුදුරේදී එලිදැක්වෙන බව ආරන්චි වෙනව. මෙය වඩාත් ලාබදායි දුරකතනයක් ලෙස එලිදැක්වීමට නියමිත බව සඳහන්. 2016 නිකුත් කල iphone SE දුරකතනයෙන් පසුව බොහො පිරිසක් මෙවැනි දුරකතනයක් එලිදක්වනතෙක් බලාසිටියා.මෙය iphone 9 හෝ iphone SE 2 විය හැකි බව සඳහන්

මෙය නූතන ජංගම දුරකතන වල තිරවලට සාපේක්ෂව කුඩා අගල් 5.2 තිරයක් සහිතව නිකුත්කිරීමට නියමිත බව වාර්තාවේ.එමෙන්ම නැවතත් ඇපල්  Home Button එක ලබාදී තිබෙනව. එමෙන්ම මෙය iphone 6 එකට ආසන්න පෙනුමක් තිබෙන බව වාර්තාවේ.


එමෙන්ම මේ සඳහා අපල් iphone 11 සඳහා යොදාගත් A13 චිප්සෙට් එක හා 3GB Ram මෙන්ම නැවත Touch id පහසුකමද ලබා දී තිබෙනව.මෙය මෙම අප්‍රේල් මස තුල එලිදැක්වීමට නියමිතව තිබුනද ලොව පුරා බලපා ඇති කොරෝනා වයිරස තත්වය නිසා මෙය එලිදැක්වීම කල් යාමට වැඩි ඉඩකඩක් පවති.මෙය $400 පමණ වන බවයි දැනගන්නට ලැබෙන්නෙ.

Comments